එනසල්



එනසල් වලට කරන්න පුලුවන් දේවල්


  • ලෝකයේ තෙවැනි වටිනාම ඖෂධිය කුළුබඩුව එනසාල්
  • කෑමවලට එකතුකර ගන්නේ කුළුබඩුවක් ලෙසිනි. නමුත් එනසාල් යනු කෑම රසවත් කරවන කුළුබඩුවක් පමණක් නොවේ. එය ඖෂධයක් ලෙසින්ද හැඳින්විය හැක.
  • ආහාර ජීර්ණ පද්ධතියේ බොහෝ රෝග සඳහා එනසල් ඉතා ගුණදායක ඖෂධයකි. එනසල්වල ඉඟුරුවලට සමාන ගුණයක් ඇත. එම නිසා සෙම්ප්‍රතිශ්‍ වෛරස උණට එනසාල් ස්වල්පයක් තම්බා බීම ඉතා ගුණදායක වේ. බඩ පුරවා දැමීම, නිසි ලෙස ආහාර නොදිරවීම, මළබද්ධය වැනි තත්ත්වයන්ට එනසාල් ඉතා ගුණදායක වේ.





  • දියවැඩියාව, අධික රැධිර පීඩනය, හෘදයාබාධ, පිළිකා වැනි බෝනොවන රෝග බොහෝමයකටත් මානසික ආතතිය සඳහාත් එනසාල් ඉතා ගුණදායක වේ. මෙය තේ පානය කරන ආකාරයට පානය කළ හැක. ඒ සඳහා එනසාල් කුඩු කර පානය කරන්න. කෙඳි සහිත කුළුබඩුවක් නිසා රුධිරයේ අහිතකර කොලොස්ටරෝල් පාලනයට ද උදව් වේ. මෙමඟින් මොළයේ ඇතිවිය හැකි රුධිර කැටි වැනි තත්ත්වයන් වළක්වා ගතහැක.

  • මොළයේ ඇතිවිය හැකි රුධිර කැටි වැනි තත්ත්වයන් වළක්වා ගතහැක. ලිංගික බෙලහීනතාවය ඇති අයට ඉතා ගුණදායක ඔසුවක් වන මෙය මුඛයේ ඇතිවන තුවාල, මුඛයේ දුර්ගන්ධය ආදිය පලවා හැරීමට ද උදව් වේ. එනසාල් තම්බා ගත් වතුරෙන් දිනකට දෙවතාවක් කට සේදීම බොහෝ මුඛ ආශ්‍රිත රෝගයන්ට ප්‍රතිකාරයක් ද වේ.


ආයුර්වේද වෛද්‍ය – නිමාලි සොලොහොකාර ....

Comments

Popular posts from this blog

ඔලිව් වල පෝෂණ පැතිකඩ

සැන්සවේරියා නොහොත් නියද . (Snake Plant)

අවතක්සේරුවට ගත් බිලිං වල වටිනාකම