වෙල් අලකොළ ඇඹුල

වෙල් අලකොළ ඇඹුල.....
අපේ සාම්ප්‍රදායික ආහාර පිළිවෙත විනාශ වීම හන්දා අපේ මුතුන්මිත්තන් ආහාර හැටියට ගත්ත ඖෂධ සංස්කෘතිය අපට අහිමි වීම ඛේදවාචකයක් . අපේ ඇඹුල ආහාර පිසමනේ ප්‍රධාන තැනක් ගත්ත වෙල් අලකොළ ඇඹුල දැන්නම් කන්නෙ නැති තරම් . මඩ ගොවිතැනේදි මෙන්ම අවු කාෂ්ටකේ ගොයම් කැපුම් සමයේ වෙල් අලකොළ ඇඹුල නිත්‍ය ආහාර භාවිතාවක් වූයේ එමගින් බඩේ අමාරු හා මුත්‍රා ආසාධන පහසුවෙන් නැතිකරන හන්දයි . වෙල් අලකොළ කියා මේවා හදුන්වන්නේ කුඹුරු යායේ ඇළවල් ඕවිටවල් හා දිය කඩවල පහසුවෙන් හැදෙන නිසයි . වෙල් අලකොළ ඇඹුලක් කන්ට පළමුවෙන් අල ගොබ කඩාගන්ට ඕනෑ . ඒවා දෙදිනක් පමණ තව් මැරෙන්ට මද පවනේ වේලාගන්නව. ඊට පස්සෙ අල කොළ දළුවේ අග්ගිස්ස ගැටයක් ගහනවා. නැත්තම් උයනකොට දළුකොළ දියවෙලා යනවා. යහමින් ගොරකා යොදා ඇඹුලට පිසගන්නට ඕනෙ. කොස් ඇට මුහු කරලා මිරිස් හා පහේ ජාති දාලා ඉදෙන්ට ලිපේ තියලා තෙම්පරාදු කරගන්නවා. ඇඹුල පදම හරි නම් පංකාදු පහයි. අපේ මුතුන්මිත්තන් කීවේ බඩේ විෂ නැසෙන්ට අලකොළ ඇඹුල තරම් ජාති කෑමක් තවත් නෑ කියලයි ......
උපුටා ගැනිම මහින්ද කුමාර

සැකසුම් අයුරු

Comments

Popular posts from this blog

ඔලිව් වල පෝෂණ පැතිකඩ

සැන්සවේරියා නොහොත් නියද . (Snake Plant)

අවතක්සේරුවට ගත් බිලිං වල වටිනාකම