Posts

Showing posts from February, 2020

ඔලිව් වල පෝෂණ පැතිකඩ

Image
හොදින් වැඩුන ඔලිව් ගෙඩියක් සාමාන්යයෙන්  ග්‍රෑම් 4 ක් පමණ බරකින් යුතු අතර එක විටක ආහාරට ගෙඩි 5 ක් පමණ ගනි. එය සාමාන්යයෙන් ග්‍රෑම් 15 ක් - 20 ක් පමණ වන අතර එය කැලරි 30 ක් පමණ යුත්ත වේ. ඔලිව් වල ජල අන්තර්ගතය 80% ක් පමණ වන නමුත් ඒවායේ හොඳ මේද අන්තර්ගතය නිසා වඩාත් මිනිසුන් අතර ප්‍රසිද්ධය. ඔලිව් යනු මේද අන්තර්ගතය 10-15% ක් පමණ වන අතර එය මූලික වශයෙන් ඔලෙයික් අම්ලය ( Oleic Acid) ලෙස හඳුන්වන මොනොසැටරේටඩ් මේදයකි ( Monounsaturated Fat) . කාබෝහයිඩ්‍රේට් අන්තර්ගතය ඉතා අඩු අගයක් ගනි (ග්‍රෑම් 20 කට ග්‍රෑම් 1.25 ක් පමණ) , ඒවායින් බොහොමයක් තන්තු වලින් සෑදී ඇත (ග්‍රෑම් 20 ට ග්‍රෑම් 0.7 ක් පමණ) සහ සීනි අන්තර්ගත නොවේ . ඒවා අඩු තන්තු සහිත ආහාරයක් වන අතර ග්‍රෑම් 20 ක (ග්‍රෑම් 0.15 ක් පමණ) සුළු ප්‍රමාණයකින් අඩු ප්‍රෝටීන් සහිත ආහාරයකි. ඔලිව් ගෙඩි පහකට ලුණු ග්‍රෑම් 0.5 ක් පමණ අඩංගු වන අතර ඒවා ලුණු හෝ ලුණු වතුරේ සුවපත් හෝ ඇසුරුම් කර ඇති නිසා සාමාන්‍යයෙන් ලුණු අධික වේ. (වැඩිහිටියන් සඳහා ලුණු ග්‍රෑම් 6 කට වඩා නොඉක්මවන බවත් , ඔවුන්ගේ වයස අනුව ළමුන් සඳහා දිනකට ග්‍රෑම් 2 ග්‍රෑම් 5 ත් අ

අවතක්සේරුවට ගත් බිලිං වල වටිනාකම

අවතක්සේරුවට ගත් බිලිං වල වටිනාකම -දෙවන කොටස  🍀 ☘️ 🌿 බිලිං කියන්නේ පළතුරු වර්ගවලින් නිතරම වගේ අවතක්සේරු වන පළතුරු වර්ගයක්. බිලිං තරමක් කාමරංගා වලට සමාන කමක් දැක්වුවත් බිලිං වල කාමරංගා වලට සමාන නොවන තද ඇඹුල් රසක් තමයි අන්තර්ගත වෙන්නේ. ඒවගේම, විවිධ ඉයුම් පිහුම් කටයුතු සදහා බිලිං භාවිතා කරනවා. බිලිං කියන්නේ උෂ්ණාධික දෙයක්විදියට තමයි සැලකෙන්නේ. විටමින් B සහ C යකඩ, පොස්පරස් සහ විශාල ප් ‍ රතිඔක්සිකාරක බලයකින් සපිරි මේ බිලිං කියන පළතුර වගා කරන අනෙත් පළතුරු වර්ග තරම්ම ප් ‍ රසිද්ධියක් ඉසිලුවේ නැතත් අප නොසිතන තරමේ විශාල පෝෂණ ගුණයක් බිලිං තුල අන්තර්ගත වනවා. බිලිං භාවිතයෙන් අපට ලබාගත හැකිසෞඛ් ‍ යය වාසි වලින් ඉතාමත් වැදගත් වන සෞඛ් ‍ යය වාසි කිහිපයක්. කැස්සට ඖෂධයක් ලෙස මහදුරු ඇට කිහිපයක් සමග බිලිංගෙඩි තුනක් සහ සීනි එක්කර මිශ් ‍ රණයක් භාවිතා කරලා ඔබට පුළුවන් ලේසියෙන්ම කැස්ස සුවකරගන්න. මේ මිශ් ‍ රණය නටන උණු ජලයේ හොදින් තම්බාගෙන පැය කිහිපයක් වාෂ්ප වෙන්න ඉඩ හරින්න. ඊළඟට මේ මිශ් ‍ රණය හරි අඩ බැගින් භාජන දෙකකට දමාගෙන එක් කොටසක් උදෑසනම හිස්බඩ පානය කරන්න. ඉතිරි කොටස සන්ද් ‍ යා කාලයේදී පානය කර

බිලිං

Image
බිලිං හි ඔෂධීය ප්රතිලාභ  බිලිං කොළ රෝග සඳහා හොද ප් ‍ රතිකාරයක් ලෙස භාවිතා කරයි. ගුද මාර්ගයේ දැවිල්ලෙන් මිදීම සඳහා පත් ‍ ර කසාය ඉතා උසස් ඔෂධයක් ලෙස ගනු ලැබේ. බිලිං පලතුරක් ලෙස කැස්ස සහ තෙරපුමට එරෙහිව ප් ‍ රලදායී වන අතර තවද එය කොලෙස්ටරෝල් වලට එරෙහිව සටන් කරන එය ඔෂධීය පානයක් හා විරේචකයක් ලෙස භාවිතා කරයි. මෙම පලතුර ආමාශයේ අභ් ‍ යන්තර රුධිර වහනය පාලනය කිරීමට ද ප් ‍ රසිද්ධයි. බිලිං වලින් සාදන ලද සිරප් උණ සහ දැවිල්ල සඳහා ප් ‍ රතිකාරයකි. ගුද මාර්ගයේ ලේ ගැලීම නැවැත්වීමට සහ අභ් ‍ යන්තර අහුපෑවතන් සමනය කිරීමට ද මෙය යොදා ගනී. පලතුරු ඉදුණු විට ඉතා හැපෙනසුළු වන අතර එය ඉදුණු විට දීප්තිමත්-කොළ සිට කහ-කොළ බවට හැරේ. එය ඉදුණු පසු එය බිම වැටේ. පිටත සම දිලිසෙන, ඉතා සිහින් සහ මෘදු වන අතර මස් කොළ පැහැති සුදු පැහැයෙන් යුක්ත වන අතර එය ඉතා ඉස්ම සහිත සහ අතිශයින් ඇඹුල් වේ. දුඹුරු පැහැයෙන් යුත් පැතලි බීජ කිහිපයක් එහි ඇත. බිලිං සම්බෝලයක් සදා ගන්නා ආකාරය අවශ් ‍ ය ද් ‍ රව් ‍ ය:- ◌ කුඩා බිලිං ගෙඩි 50 ◌ උම්බලකඩ කුඩු මේස හැඳි 01 ◌ කහ ස්වල්පයක් ◌ ලියූ අමු ඉඟුරු පෙති 02 ◌ රම්පෙ ◌ කරපිංචා

එළබටු කොළ කැඳ"

බල වඩන හෙළ " එළබටු කොළ කැඳ" ගම්බද බොහෝ නිවෙස් වල දකින්නට පුළුවන් ඉතාමත් රසවත් කැඳකි එලබටු. සෙම් රෝග වලට විශේෂයෙන් ගුන දෙන එලබටු කොල කැඳ ඉතාම රසවත් ය. අවශ්‍ය ද්‍රව්‍ය එලබටු කොල අවශ්‍ය පමණට කැකුළු සහල් සුදු ළූනු බික් කීපයක් පොල් ස්වල්පයක් ලුණු ස්වල්පයක් හකුරු සාදන ක්‍රමය එලබට කොල සෝදා පිරිසිදු කර බ්ලෙන්ඩරයට දමා සුදුළූනු හා පොල් ස්වල්පයක් සහ වතුර ටිකක් දමා බ්ලෙන්ඩර් කර යුෂ සාදා ගන්න. කැකුළු සහල් ටිකක් ගෙන ලිප තබා බත් තැම්බුණු පසු බ්ලෙන්ඩර් කර ගත් එලබටු යුෂ දමා එයට අවශ්‍ය පමණට ලුණු දමා මද ගින්නේ රත්කර පානය කරන්න. *ක්ලොස්ටර්රෝල් ඇති අය පොල් නොදමා සකසා ගන්න. වැඩි රසයක් සඳහා හකුරු ස්වල්පයක් සමඟ පානය කරන්න. එලබටු සෙම් රෝග නාසකයි. එම නිසා කැස්ස පීනස නිතර පවතින කැස්ස ආදී සියලු සෙම් රෝග වලට ඉතා හොඳයි. නිතර පවතින හිසරදය, ඇස්වල කදුළු ගැලීම, ඇස් කැසීම, ඇස්වල නගන ආදී රෝග බොහොමයක් නැති කරයි. * සමේ පවතින ලප කැලැල් නැති කර සම පැහැපත් කරයි. * අර්ශෂ් රෝගීන්ට ඉතා හොඳයි * මල බද්දය දුරු කරයි * ඇග උණු කරවා යෑම සහ ඔසප් ශුලය අඩු කරයි

සැන්සවේරියා නොහොත් නියද . (Snake Plant)

Image
Snake Plant සැන්සවේරියා නොහොත් නියද . (Snake Plant) ඔබ ගෙවත්තේ සිටුවා ඇති බොහෝ පැළෑටි අතරින් සැන්සවේරි ශාකය (Snake Plant) අනිවාර්යයෙන්ම තිබිය යුතුය. එහි හොඳ පෙනුම සහ අඩු නඩත්තු හැරුණු විට, එම ශාකයේ ප්‍රතිලාභ ගැන කතා කිරීමට බොහෝ දේ ඇත. ගෘහස්ථ වායු දූෂණය එළිමහන් වායු දූෂණය තරම් මාරාන්තික විය හැකි බව මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් කියැවේ. ගෘහස්ථ වායු දූෂණය අවම කිරීම සඳහා බොහෝ ක්‍රම තිබේ, රෝගී ප්‍රධාන විෂ වායුන් ඉවත් කිරිමේ හැකියාව වාසි වලින් එකක් වන්නේ විෂ සහිත වායු දූෂක ඉවත් කිරීම සඳහා එහි කුඩා දායකත්වය ලබා දීමයි. CO2 හැරුණු විට එයට බෙන්සීන්, ෆෝමල්ඩිහයිඩ්, සයිලීන් සහ ටොලුයින් අවශෝෂණය කරගත හැකිය. මෙම පිළිකා ඇති කරන දූෂක අපගේ සෞඛ්‍යයට අහිතකර බව ප්‍රකට කරුණකි. ගෘහස්ථ ශාක පිළිබඳ සිදු කරන ලද සුප්‍රසිද්ධ නාසා අත්හදා බැලීම මගින් වැඩි පත්‍ර මතුපිට ප්‍රමාණයක් (පත්‍ර හා විශාල පැල) ඇති ශාක වඩා හොඳ වායු පවිත්‍රතාවයක් සිදු කරන බව ඔප්පු කර ඇති අතර මෙම ශාකය ඉන් එකකි. තව ද මෙය තැබිමට සුදුසුම ස්ථානය නිදන කාමරයයි, මන්ද එය රාත්‍රියේදී දිවා කාලයේදී ඔක්සිජන් පිට කරයි. නිවසේ ශාකය

වෙල් අලකොළ ඇඹුල

Image
වෙල් අලකොළ ඇඹුල..... අපේ සාම්ප්‍රදායික ආහාර පිළිවෙත විනාශ වීම හන්දා අපේ මුතුන්මිත්තන් ආහාර හැටියට ගත්ත ඖෂධ සංස්කෘතිය අපට අහිමි වීම ඛේදවාචකයක් . අපේ ඇඹුල ආහාර පිසමනේ ප්‍රධාන තැනක් ගත්ත වෙල් අලකොළ ඇඹුල දැන්නම් කන්නෙ නැති තරම් . මඩ ගොවිතැනේදි මෙන්ම අවු කාෂ්ටකේ ගොයම් කැපුම් සමයේ වෙල් අලකොළ ඇඹුල නිත්‍ය ආහාර භාවිතාවක් වූයේ එමගින් බඩේ අමාරු හා මුත්‍රා ආසාධන පහසුවෙන් නැතිකරන හන්දයි . වෙල් අලකොළ කියා මේවා හදුන්වන්නේ කුඹුරු යායේ ඇළවල් ඕවිටවල් හා දිය කඩවල පහසුවෙන් හැදෙන නිසයි . වෙල් අලක ොළ ඇඹුලක් කන්ට පළමුවෙන් අල ගොබ කඩාගන්ට ඕනෑ . ඒවා දෙදිනක් පමණ තව් මැරෙන්ට මද පවනේ වේලාගන්නව. ඊට පස්සෙ අල කොළ දළුවේ අග්ගිස්ස ගැටයක් ගහනවා. නැත්තම් උයනකොට දළුකොළ දියවෙලා යනවා. යහමින් ගොරකා යොදා ඇඹුලට පිසගන්නට ඕනෙ. කොස් ඇට මුහු කරලා මිරිස් හා පහේ ජාති දාලා ඉදෙන්ට ලිපේ තියලා තෙම්පරාදු කරගන්නවා. ඇඹුල පදම හරි නම් පංකාදු පහයි. අපේ මුතුන්මිත්තන් කීවේ බඩේ විෂ නැසෙන්ට අලකොළ ඇඹුල තරම් ජාති කෑමක් තවත් නෑ කියලයි ...... උපුටා ගැනිම මහින්ද කුමාර සැකසුම් අයුරු

සුදුළුෑනු කිරි කසාය

Image
සුදුළුෑනු කිරි කසාය සාදා ගන්නා ආකාරය සුදුළුෑනු කලං 12 ක්, එළකිරි පත 01 ක් (අඩු කෝපප 01ක්) වතුර පත 07 ක් (අඩුකෝප්ප 07 ක්) වතුර පත 08 එකට සිදුවා නිවුණාට පසු එළඟිතෙල් තේ හැඳි 01 යි, මී පැණි තේ හැඳි 01 යි මිශ‍්‍ර කරලා උදේ සවස පත භාගය බැගින් බොන්න මේ කසාය සතියකට දින 03 ක් දිගටම භාවිත කරන්න. ඔබ කොලස්ටරෝල්. ස්නායු රෝග, මල බද්ධය, හෘද රෝග වැනි රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳිනවා නම් මෙම කසාය ඒ විදියට මාස 03 ක් පමණ පාවිච්චි කරන කොට ඔබට විශාල ගුණයක් දැනේවි. ඒ වාගේම පොදුවේ සියලූම පිළිකා අවදානම් තත්ත්වයන්ටත් විශේෂයෙන්ම අක්මා, ආමාශ සහ ගර්භාෂ පිළිකා අවදානම මැඩ පවත්වා ගන්න කරන්න පුළුවන් හොඳම ප‍්‍රතිකාරයක් තමයි මේ ‘සුදුළුෑනු කිරි කසාය’ පිළිකා රෝගී තත්ත්වයකට පත්ව ඉන්න කෙනකුටත් ඒ සඳහා නියමිත ප‍්‍රතිකාරවල යෙදෙන ගමන් මෙම කසාය භාවිතා කිරීමෙන් බොහෝ ගුණ ලැබෙනවා. මුලාශය අන්තර්ජාලය ....

එනසල්

Image
එනසල් වලට කරන්න පුලුවන් දේවල් ලෝකයේ තෙවැනි වටිනාම ඖෂධිය කුළුබඩුව එනසාල් කෑමවලට එකතුකර ගන්නේ කුළුබඩුවක් ලෙසිනි. නමුත් එනසාල් යනු කෑම රසවත් කරවන කුළුබඩුවක් පමණක් නොවේ. එය ඖෂධයක් ලෙසින්ද හැඳින්විය හැක. ආහාර ජීර්ණ පද්ධතියේ බොහෝ රෝග සඳහා එනසල් ඉතා ගුණදායක ඖෂධයකි. එනසල්වල ඉඟුරුවලට සමාන ගුණයක් ඇත. එම නිසා සෙම්ප්‍රතිශ්‍ වෛරස උණට එනසාල් ස්වල්පයක් තම්බා බීම ඉතා ගුණදායක වේ. බඩ පුරවා දැමීම, නිසි ලෙස ආහාර නොදිරවීම, මළබද්ධය වැනි තත්ත්වයන්ට එනසාල් ඉතා ගුණදායක වේ. දියවැඩියාව, අධික රැධිර පීඩනය, හෘදයාබාධ, පිළිකා වැනි බෝනොවන රෝග බොහෝමයකටත් මානසික ආතතිය සඳහාත් එනසාල් ඉතා ගුණදායක වේ. මෙය තේ පානය කරන ආකාරයට පානය කළ හැක. ඒ සඳහා එනසාල් කුඩු කර පානය කරන්න. කෙඳි සහිත කුළුබඩුවක් නිසා රුධිරයේ අහිතකර කොලොස්ටරෝල් පාලනයට ද උදව් වේ. මෙමඟින් මොළයේ ඇතිවිය හැකි රුධිර කැටි වැනි තත්ත්වයන් වළක්වා ගතහැක. මොළයේ ඇතිවිය හැකි රුධිර කැටි වැනි තත්ත්වයන් වළක්වා ගතහැක. ලිංගික බෙලහීනතාවය ඇති අයට ඉතා ගුණදායක ඔසුවක් වන මෙය මුඛයේ ඇතිවන තුවාල, මුඛයේ දුර්ගන්ධය ආදිය පලවා හැරීමට ද උදව් වේ. එ
Image
මීනාම්බර... හෙණරාජ,වනරාජ,බුද්ධරාජ,ගුරුළුරාජ,සරස්වතී ආදී මහා තෛල සෑම එකකම බොහෝ වට්ටෝරු වල අඩංගු ඉතා දුර්ලභ ඖෂධය. මෙය වේලුනාම හරි සුවඳයි. මෙය සුවඳ විලවුන් සෑදීමට භාවිත කරනවා. සමහරුන් රෝග සුව කර ගැනීමේ අදහසින් කෑමට ගන්නවා. එංගලන්තයේ රජවරු මේ සුපිරි ගනයේ සුවඳ විලවුන්වලට දැඩි කැමැත්තක් දක්වනවා. මේ කිලෝ 1 ක් රුපියල් ලක්‍ෂ ගණනක් වටිනවා. මේ සම්බන්ධයෙන් ජනතාවගේ අදහස වන්නේ හිමාලයේ වෙසෙන ඇත්කඳ ලිහිණින් මළ පහ කළ විට එය මස්තාම්බර බවත් එය තල්මසා ගිල වමාරා දැමීමෙන් හෝ මළපහ මගින් මුහුදට එක් කළ විට එය “මීනාම්බර" නම් ඉතා දුර්ලභ ඖෂධය සැදෙන බවත්ය..... මීනාම්බර
Image
හෙලයන්ගේ ගැලවුම්කරු " ‘පෙරුම්කායම්’ කෙටියෙන් නාමකරණය.... ‘පෙරුම්කායම්’වල විද්‍යාත්මක නාමය ‘Ferula assa fcetida’ වේ. පෙරුම්කායම් ඉංග්‍රීසි භාෂාවෙන් “Asafcetida” ලෙස හැඳින්වෙන අතර දෙමළ භාෂාවෙන් “Perankayam” නමින් හැඳින්වේ. මේ අතරින් ලොකයේ වඩත් ජනප්‍රිය නාමය වන්නේ “ Food of the Gods” (දෙවියන්ගේ ආහාරය) ලෙසය. ශාකයේ ස්වභාවය..... පෙරුම්කායම් ප්‍රධාන වශයෙන් ඉරානයේ සහ ඇෆ්ගනිස්ථානයේ වගා කරනු ලබන අතර එය ලෝකයේ සෙසු රටවලට අපනයනය කරනු ලැබේ. ඉන්දියාවේ එය වගා කරනු ලබන්නේ කාශ්මීරයේ ය. ශ ාකයේ සියලුම කොටස්වල සුවිශේෂී ගඳ සුවඳ ඇත. මීටර් 1.5 - 2 ක් පමණ උසට වැඩෙන බහුවාර්ෂික පැළෑටියක් වන පෙරුම්කායම් වෘත්තාකාර පත්‍ර ව්‍යුහයක් දරන අතර පත්‍ර 30 - 40ක් පමණ හට ගනී. ක‍ඳෙන් හට ගන්නා පත්‍රවල පුළුල් පත්‍ර කොපු ඇත. මල් හට ගන්නා නටු සෙ. මි. 10 පමණ ගනකම වේ. මල් ළා කොළ කහ පැහැ වේ. සාදා කල් තබා ගන්නා ආකාරය.... පෙරුම්කායම් ශාකයේ මුදුන් මුලෙන් නොහොත් රෛසෝමයෙන් (භූගත කඳකි) වැගිරෙන ස්‍රාවය (කිරි) විජලනය කිරීමෙන් පෙරුම්කායම් ලබාගනී. පෙරුම්කායම් වාතය රහිත බහාලුම්වල තබා ගැනීම ඉතා වැදගත්.පිසින බඳුනට ක

බොවෙන ලෙඩ රෝග වලට කියාපු අත් බෙහෙතක්

Image
බොවෙන ලෙඩ රෝග වලට කියාපු අත් බෙහෙතක් “කායම් හොද්ද” අවශ්‍ය ද්‍රව්‍ය ගම්මිරිස් ඇට 10 -15ක් සුදුළූණු බික් 5ක් පමණ බැදි කොත්තමල්ලි තේ හැඳි 1 බැදි සූදුරු තේ හැඳි 1 බැදගත් උළුහාල් ස්වල්පයක් පිට සුඹුල හැර සෝදාගත් මුරුංගා පොතු කැබැල්ලක් (අඟල් 2 2) පිට පොත්ත හල අමු ඉඟුරු අඟලක ප්‍රමාණයේ කැබැල්ලක් සෝදාගත් ගොරකා කැබලි 2ක් කරපිංචා ඉති 2ක් අමුකහ කැබැල්ලක් අවශ්‍ය පමණ දිය ලුණු පෙරුම්කායම් ස්වල්පයක් වතුර කෝප්ප 4ක් සාදන ක්‍රමය සෝදා පිරිසුදු කරගත් මැටි වළඳකට වතුර කෝප්ප 4ක් දමා ගන්න. එයට ගම්මිරිස් 10 - 15යි, සුදුළූණු, කොත්තමල්ලි, සූදුරු, උළුහාල්, මුරුංගා පොත්ත, අමු ඉඟුරු, ගොරකා, කරපිංචා, අමුකහ දමා අවශ්‍ය පමණට ලුණු එක්කර ගෙන පෙරුම්කායම් ස්වල්පයක් ද දමා වතුර කෝප්ප 2ට සිඳගන්න. අනතුරුව පානය කරන්න.